Bio Gas
Bio Gas
Collector
Collector
bio fertilizer
bio fertilizer
cooking
cooking
cover image edited
WELCOME TO SATHVIDU ECO PRODUCT
Sathvidu Eco Products
utilization of liquid fertilizer
cooking with bio gas
previous arrow
next arrow

අපෙන් ඔබට …

වගකීමක් සහිත උසස් තත්ත්වයේ ජීව වායු ඒකකයක්.වගකීමක් සහිත උසස් තත්ත්වයේ ජීව වායු ඒකකයක් අපි ඔබට පිරිනමන්නෙමු. තවද අප විසින් ඔබට ඔබගේ නිවසේ/ ආපන ශාලාවේ එම ජීව වායු ඒකකය සක්‍රීය කිරීම,  සවිකිරීම වැනි සේවාවන් සපයනු ලැබේ.

සම්පූර්ණ ජීව වායු පද්ධතියකට අවශ්‍ය  සියලුම උපාංග අපි ඔබට සපයන්නෙමු.

නිපදවන ජීව වායුව නල පද්ධතියක් හරහා බෙදා හරින අතර ඔබේ අභිමතය පරිදි ගුණාත්මක අදාළ ස්ථානයට උචිත පරිදි නල පද්ධතියක් ස්ථාපනය කිරීමේ වගකීම අපි භාර ගනිමු. තවද අපගේ වටිනා පාරිභෝගිකයන් හට මගපෙන්වීම සහ අලෙවියෙන් පසු සේවාවන් අපි විසින් සපයන්නෙමු.

ජීව වායු ඒකකයක හිමිකරුවෙකු වන ඔබ සමාජයට ප්‍රතිලාභ රැසක් ලබා දෙනු ඇත.

  • ජීව වායුව යනු විදුලිය සහ තාපය නිපදවීමට ශක්‍යතාවයක් ඇති හරිත බලශක්ති ප්‍රභවයකි.
  • මීතේන්, CO2 සහ නයිට්‍රස් ඔක්සයිඩ් වැනි වායු ගෝලයට අහිතකර වායුන් මුදා හැරීම අවම කරමින් සැලකිය යුතු අන්දමින් පාරිසරික ප්‍රතිලාභ ලබා දීම.
  • නිවෙස්වලින් කාබනික අපද්‍රව්‍ය පරිසර හිතකාමී ලෙස ප්‍රතිචක්‍රීකරණය කිරීම.
  • ශාක මගින් මෙහි දියර පොහොර වැඩි වශයෙන් අවශෝෂණය කර, වැඩි ඵලදාවක් ලබා දෙයි..
  • භූගත පාංශු ජලය ආරක්ෂා කිරීම හා පානීය ජලය අපිරිසිදු වීම අඩු කරයි.

ආහාර පිසීමට ජීව වායු ඒකකයක්…..

ව වායුව යනු නාගරික අපද්‍රව්‍ය, ගොවිපල අපද්‍රව්‍ය, ආහාර අපද්‍රව්‍ය ඇතුළු කාබනික ද්‍රව්‍ය ක්ෂුද්‍ර ජීවීන් මගින් ජීර්ණ ක්‍රිරියාවලියකට ලක්කර නිර්වායු පරිසරයක් යටතේ නිපදවන පුනර්ජනනීය ඉන්ධනයකි.මෙය ලිප දැල්වීම, විදුලිය නිපදවීම වැනි කටයුතු රාශියක් සදහා යොදා ගත හැකිය.

වගාවට දිරිදෙන කාබනික දියර පොහොර.

මෙය ජෛව ද්‍රව්‍යවල නිර්වායු ස්වසන ක්‍රියාවලියක් මගින් නිපදවන අතුරු නිෂ්පාදනයකි. කාබනික දියර පොහොර යනු ජිරකයට යෙදූ ආහාර සහ ජලය යි.

කැළිකසල ගැටළුවට විසදුමක්.

ජීව වායු ඒකකයක් යනු ආපනශාලා හා නිවෙස් වලට ප්‍රභල ගැටළුවක් වූ කැලිකසල කළමනාකරණයට කදිම විසදුමකි. දිරාපත් වන අපද්‍රවය ජීව වායුව නිපදවීමට යොදාගනු ලබන ප්‍රදාන අමුද්‍රව්‍යය වේ..

ජීව වායුව ගැන සරළව

සත්විදු ඉකෝ ප්‍රඩක්ට්ස් ආයතනය මගින් Anaerobic Digestion යන ක්‍රමය යොදාගෙන බයෝගෑස් / ජීව වායුව  නිෂ්පාදනය කරනු ලබයි. එනම් ඔක්සිජන් නොමැති කෘතිමව සකසන ලද මුද්‍රිත පරිසරයක් තුළ (Digester / ජිරකය තුළ) වර්ධනය වී ක්‍රියාත්මක වෙන ක්ෂුද්‍ර ජීවීන් කොට්ඨාස දෙකක ගේ ක්‍රියාවලියක් හරහා  ඔබට ශක්තිය උත්පාදනය කිරීමට අවශ්‍ය මීතේන් වායුව නිපදවනු ලබයි.

මෙම ක්ෂුද්‍ර ජීවීන් කොට්ඨාස දෙක හයිඩ්රෝලයිසිස් හා මෙතනොජස් ලෙස හදුන්වයි.

Hydrolysis –  ඔබ විසින් ජිරකයට යොදනු ලබන සංකීර්ණ ආහාර මෙම බැක්ටීරියා කාණ්ඩය විසින් පළමුව කුඩා කොටස් වලට කඩා දිරවීම පහසු වන  ආකාරයෙ ආම්ලික ධ්‍රාවණයක් නිපදවයි. ජීරකයෙ PH  අගය වෙනස් වීමට මෙම ක්‍රියාවලිය හේතු වෙයි. ආම්ලික ධ්‍රාවනයට අමතරව කාබන් ඩයොක්සයිඩ් අතුරු ඵලයක් මෙම බැක්ටීරියා කාණ්ඩය විසින් නිපදවයි. මුල් දින කිහිපය තුළදී නිෂ්පාදනය වන ගෑස් මිශ්‍රණය කාබන්ඩයොක්සයිඩ් වායුව බහුල වන බැවින් එම වායුව දැල්විය නොහැකිය.

Methanogeus –  මෙම බැක්ටීරියා කාණ්ඩය විසින් කලින් සඳහන් කළ හයිඩ්රෝලයිසිස් ජීවීන්නිෂ්පාදනය කරන ලද  ද්‍රාවණය ආහාරයට ගෙන මීතේන් වායුව නිෂ්පාදනය කරයි. මෙම බැක්ටීරියා කාණ්ඩයේ  ක්‍රියාශීලිත්වය හයිඩ්රෝලයිසිස් ජිවින්ට වඩා අඩු මට්ටමක් පවතියි. මෙම ක්‍රියාවලියට සුදුසු පරිසරයක් නිර්මාණය වනුයේ PH  6 – 8 අතර ය. වඩාත් සක්‍රීය පී.එච් අගයන් වනුයේ 6.8 – 7.2ත් අතර අගයයි. එසේම මෙහි සක්‍රීය උෂ්ණත්වය වනුයේ සෙල්සියස් අංශක 35  පමණ (ෆැරන්හයිට් නම් 95 – 105 ත් අතර) ය. 

ඒ අනුව අප භාවිතයට ගන්නා ජීව වායුව තුළ ;

මීතේන් වායුව CH⁴ 60% ක ප්‍රමාණයක් පමණ, කාබන් ඩයොක්සයිඩ් CO² 39% ක් පමණ, හයිඩ්‍රජන් සල්ෆයිඩ්  H²S 1% ක ප්‍රමාණයක් සහ  වෙනත් වායුන් සුළු වශයෙනුත් අන්තර්ගත වේ. හයිඩ්‍රජන් සල්ෆයිඩ්  H²S (hydrogen sulfide) දුර්ගන්ධයකින් යුක්ත ව ඉතා ඉක්මනින් මලකඩ ගන්වන වායුවක් වේ. යකඩ කුඩු භාවිතා කර මෙම වායු නිෂ්ක්‍රීය කළ හැකිය.

ජීරකයට ආහාර යෙදීමේදී සත්විදු ඉකෝ ප්‍රඩක්ට්ස් ආයතනය  විසින් අනුමත පමණට වඩා ආහාර එකතු කළොත් හයිඩ්රෝලයිසිස් ජීවීන් විසින් එය අම්ල බවට පත් කරන අවස්ථාවේදී ජීරකය තුළ ආම්ලික බව වැඩි වී මෙතනොජස්  ජීවීන්ට ජීවත් වීමට නුසුදුසු පරිසරයක් නිර්මාණය වෙයි. එහිදී මෙතොනොජස් මගින් මීතේන් වායුව නිපදවීම ක්‍රමයෙන් අඩු කරන අතර ඔබ විසින් ජිරකය යලි නියමිත ph අගයට ගෙනා යුතුය. ඒ සදහා එවැනි අවස්ථාවක් වුවහොත් ඉතා ඉක්මනින් ඔබේ ජිරකයේ ph අගය දන්වා සත්විදු ඉකෝ ප්‍රඩක්ට්ස් ආයතනයෙන් නිසි උපදෙස් ලබා ගන්න. නැතහොත් මීතේන් වායුව නිපදවීම අඩපණ වී ලිප දැල්වීමේදී ගැටළු ඇතිවිය හැකිය.

වැඩිපුර ආහාර එකතු කිරීමෙන් ජීරකයේ ආම්ලික වීමටත් වැඩිපුර ජලය යෙදීමෙන් දියර පොහොර මගින් ක්ෂුද්‍ර ජීවින් ඉවත්වීමටත් ඉඩ ප්‍රස්ථාව සැකසෙයි. එසේම එය ඔබගේ ජිරකයේ වායු නිෂ්පාදනය අඩු වීමටත් හේතු වෙයි. එමනිසා සැමවිටම සත්විදු ඉකෝ ප්‍රඩක්ට්ස් ආයතනය විසින් ලබා දෙන උපදෙස් අනුව කටයුතු කරන්න.